මැදපෙරදිගට විශේෂ නියෝජිතයෙක්



ඊශ්‍රායල පලස්තීන අර්බුදය සාමකාමීව විසඳීම සඳහා සැලැසුම් සකස් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නව නියෝජිතයකු පත් කර ඇත.

නව නියෝජිතවරයා වන්නේ 30 හැවිරිදි, විදේශ ප්‍රතිපත්ති ගැන කිසිදු අත්දැකීමක් නොමැති අවී බර්කෝවිට්ස් යැයි පැවැසෙයි.

අවී බර්කෝවිට්ස් මැදපෙරදිග විශේෂ නියෝජිතයා ලෙස එම ධුරයට පත් කෙරුණේ එම ධුරයේ කටයුතු කරමින් සිටි ජේසන් ග්‍රීන්බැල්ට් ඉවත් වීමත් සමඟය.

අවී බර්කෝවිට්ස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම උපදේශකවරයා ලෙස ද කටයුතු කරන ජෙරාඞ් කුෂ්නර්ගේ උපදේශකවරයා ලෙස කටයුතු කළ තැනැත්තාය.

අවී බර්කෝවිට්ස් මැදිහත්වීමෙන් ඊශ්‍රායල පලස්තීන අර්බුදය වෙනුවෙන් සකස් කළ සාම සැලැස්ම ලබන සතියේ ඊශ්‍රායල මහ මැතිවරණයෙන් පසු ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS