මැදපෙරදිග වයිරස දත්ත ප්‍රමාණවත් නෑ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මැදපෙරදිග කලාපයෙන් ලැබෙන දත්ත ප්‍රමාණවත් නොවන බවත්, ඒ අනුව මැදපෙරදිග කලාපයේ කොරෝනා වයිරසය ව්‍යාප්තවන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නෙහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ප්‍රමාණවත් දත්ත නොලැබෙන්නේ නම්, වයිරසය මර්දනය කිරීම ගැටලුවක් වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. මැදපෙරදිග කලාපයේ වයිරසය වැඩියෙන් ව්‍යාප්තවී ඇත්තේ ඉරානයේය.
ඊයේ (18) වනවිට ඉරානයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,135 කි. ඉරාන රජයේ වාර්තා අනුව, ආසාදිතයන් සංඛ්‍යාව 17,361 කි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉරාන වැසියන්ට අණ කර ඇත්තේ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා හැකිතාක් නිවෙස්වල රැඳී සිටින ලෙසය. කෙසේ නමුත් ඉරාන වැසියන් ඊට කන් නොදුන් හෙයින් වයිරසය වේගයෙන් එරට ව්‍යාප්තවී ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS