මහජන සේවා ඩිජිටල් වෙයි



ඕමානයේ මහජන සේවාවන් 2022 වනවිට ඩිජිටල්කරණට කිරීමට ඕමාන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අමාත්‍යාංශ සහ ආයතන විසින් සපයනු ලබන මහජන සේවාවන් 59 ක් ඉදිරි වසර හතරක කාලය තුළ ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.

අමාත්‍යාංශසහ ආයතනවල සහාය ඇතිව පුළුල් පරාසයකින් ව්‍යාපෘතිය මෙහෙයවීමට ඕමාන් තොරතුරු තාක්ෂණ අධිකාරිය බලාපොරොත්තු වෙයි.

ඩිජිටල්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි පෞද්ගලික අංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS