මහ බැංකුවෙන් සමරු රන් කාසියක්



කුවේට් නායකායාගේ රුව සහිත රන් සමරු කාසියක් කුවේට් මහබැංකුව නිකුත් කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජනතාවට මෙන්ම ලෝක ජනතාවට කුවේට් අමීර්, ෂෙයික් සබා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සබා සිදුකළ සේවාව ඇගයීමට ලක් කිරීමේ අරමුණින් රන් කාසිය නිකුත් කිරීමට කටයුතු කළ බවකුවේට් මහබැංකු අධිපති, ආචාර්ය මොහොමඩ් අල්-හෂෙල් පැවසීය.

කාසියේ ඉදිරිපස කොටසේකුවේට් නායකයාගේ රුවත්, පිටුපස කොටසේ කුවේට් නගරයත්නිරූපනය වන ආකාරයෙන් කාසිය නිර්මාණය කළ බව මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කුවේට් නායකයා මානුෂීය නායකයෙක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS