මත ගැටුමක්



කොන්දේසි විරහිතව තමන් ඉරාන ජනාධිපති හසන් රොව්හානී හමුවීමට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළත්, රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසා ඇත්තේ, ඉරාන ජනාධිපති සමඟ හමුවක් පවත්වන්නේ නම්, ඊට කොන්දේසි ඉදිරිපත් කළ යුතු බවය.

රාජ්‍ය ලේකම් පොම්පේඕ මෙසේ කියා සිටියේ, ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු පැය කීපයක් ගත වෙද්දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ඒ අනුව, ට්‍රම්ප් සහ පොම්පේඕ අතර මත ගැටුමක් නිර්මාණය වී ඇති බව පැවැසෙයි.

ඉරාන ජනාධිපතිට කැමැති දිනයක කැමැති වේලාවක තමන් ඔහු හමුවන්න කැමැති යැයි ට්‍රම්ප් නිවේදනය කළේ ඉතාලි අගහැති ගුසෙප් කොන්තේ ධවල මන්දිරයේදී හමුවුණු අවස්ථාවේ, මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS