භූමිකම්පාවෙන් මියගිය ගණන 61 ක්



තුර්කිය සහ ග්‍රීසියට අයත් සාමෝස් දූපත පසුගිය සිකුරාදා (30) ප්‍රබල භූමිකම්පාවකින් කැලඹී සුනාමියකින් ද බැට කෑවේය. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි මුළුමනින්ම බිමට සමතලා වී ගිය අතර, 61 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තුවාල ලැබූ ගණන 800 කි. තවමත් දහස් ගණනක් සුන්බුන් අතරේ සිරවී සිටින බවත්, ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතින බවත් වාර්තා වේ.

භූමි කම්පාව හටගත්තේ, ඒගන් මූදු පතුළේය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවූයේ තුර්කියේ ඉස්මීර් වෙරළාශ්‍රිත නගරයටය. තුර්කියේ තෙවැනි විශාලතම ජනගහනයක් වෙසෙන නගරය ලෙස මෙය සැලකෙයි.

භූමි කම්පාවෙන් පසු මුහුද කැලඹී කඩා වැදුණු සුනාමිය ප්‍රචණ්ඩ එක්ක නොවුණු අතර, එයින් ජීවිත හෝ දේපොල හෝ හානි සිදුවූයේ නැතැයි ද පැවැසෙයි.

ඉස්මීර් නගරයේදීය (රොයිටර්)


RECOMMEND POSTS