බේරූට් පිපිරුම: එෆ්.බී.අයි. පරීක්ෂණයක්



ලෙබනනයේ බේරූට් නුවර වරායේ සිදුවුණු පිපිරුම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට, ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශය ද සම්බන්ධ කෙරෙන බව විදෙස් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකා සහකාර ලේකම්වරයකු වන ඩේවිඩ් හේල් පවසයි.

‘ලෙබනන් වැසියන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෑ. සිදුවුණේ කුමක්දැයි අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වෙන්න ඕනෑ. යළි එවැන්නක් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුයි’ යැයි  හේල් අවධාරණය කර තිබේ.

ලෙබනනයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය හරහා ලෙබනන් ආරක්ෂක අංශ සහයෝගය ඇතිව එෆ්.බී.අයි. පරීක්ෂණය ආරම්භ වනු ඇතැයි ද පැවැසෙයි. බේරූට් වරායේ පුපුරා ගියේ අනාරක්ෂිත අයුරික් ගබඩා කරනු ලැබ තිබුණු ටොන් 2,750 ක ඇමෝනියම් නයිට්‍රේට් තොගයකි.

බේරූට් වරායේ සිදුවුණු එම බිහිසුණු පිපිරීමෙන් මියගිය ගණන 172 කි. තුවාල ලැබූ ගණන 6,000 ක් යැයි පැවැසෙයි. තවත් 30 ක් හෝ 40 පිපිරුමට හසුවී කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතරේ අතුරුදන්ව ඇතැයි පැවැසෙයි.

බේරූට් පිපිරුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රංශය ඇතුළු රටවල් බොහොමයකගේ අදහස වී තිබේ. පිපිරුම සිදුවුණු අවස්ථාවේ සිදුවුණු විනාශය දැක ගැනීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බේරූට් නුවරට පැමිණියේය. ලෙබනනයට ජාත්‍යන්තර ආධාර එක්රැස් කිරීම කළේ ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හවුල් කර ගනිමිනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS