බි‍්‍රතාන්‍ය නැවේ 7 ක් නිදහස් කරන්න ඉරානය සූදානම්



ඉරාන විප්ලවීය හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගනු ලැබ සිටින බි‍්‍රතාන්‍ය රජයට අයත් තෙල් ප‍්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 23 දෙනාගෙන් හත් දෙනකු නිදහස් කිරීමට තීරණය කළේ යැයි ඉරානය කියයි.

ඉරාන හමුදාව විසින් ‘ස්ටෙනා ඉම්පේරෝ’ නමැති එම තෙල් නෞකාව අත්අඩංගුවට ගගනු ලැබුවේ ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේදීය. ඒ, බි‍්‍රතාන්‍ය රජයේ අනුදැනුම මත ජිබ්රෙල්ටා බලධාරීන් ඉරානයට අයත් තෙල් නැවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට එකටඑක කිරීමක් ලෙසය.

ජිබ්රෙල්ටා බලධාරීන් අත්අඩංගුවට ගත් එම නැව මේ වනවිට නිදහස් කර තිබේ. ඒ අනුව, තමන් ද බි‍්‍රතාන්‍ය නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනකු නිදහස් කරන බවත් එසේ කරන්නේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් බවත් ඉරානය පවසා ඇත.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS