බිම් බෝම්බයට සෙබළු බිලි



ලෙබනන්-සිරියා දේශසිමාවේදි ලෙබනන් හමුදා ගමන් කළ සන්නද්ධ රථයක් ඉරිදා දින(අගොස්තු 20) බිම් බෝම්බයකට හසුවීමෙන් ලෙබනන් සෙබළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වී එක් සෙබළුකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සිරියාවේ ඊසාන දිග දේශසීමා ප්‍රදේශයේ අයි.එස් ත්‍රස්තයින්ට එරෙහිව ලෙබනන් හමුදාව යුද මෙහෙයුමක් සෙනසුරාදා (අගොස්තු 19) ආරම්භ කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS