බ්‍රසීල මස්වලට ඕමානයෙනුත් තහංචි



ඕමාන සෞඛ්‍ය බලධාරීන් බ්‍රසීලයෙන් මාංෂ නිෂ්පාදනයන් ගෙන්වීම නතර කිරීමට තීරණය කල අතර එයට හේතුවී ඇත්තේ බ්‍රසීලය පුරා පැතිර යන කුරුලු උණ රෝගී තත්ත්වයයි.  

ආරක්ෂිත පියවරක් ලෙස බ්‍රසීලයෙන් ගෙන්වීම සදහා ලබාදී ඇති සියලුම බලපත්‍ර අවලංගු කල බව  ඕමාන කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශය නිවේදනය කලේය. 

බ්‍රසීලයෙන් ගෙන්වා රටතුල ඇති සියළුම මාංෂ නිෂ්පාදනයන් පරීක්ෂා කිරීම සදහා පශු වෛද්‍යවරුන් යොදවා ඇති බව ටයිම්ස් ඕමාන් පුවත්පත නිවේදය කලේය. 

බ්‍රසීලයේ ඇති කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීම සදහා ඕමාන බලධාරීන් බ්‍රසීල බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර  ඇති බව වාර්තා වේ. 

දින කීපයකට ඉහත දි සෞදි අරාබිය සහ එමිරේට් රාජ්‍ය බ්‍රසීලයෙන් මාංෂ නිෂ්පාදනයන් ගෙන්වීම නතර කර දමන ලදී. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS