බස්රා නුවර සංචාරයක



ඉරාක අගමැති හදීර් අල් අබාදී ප‍්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන බස්රා නුවර සංචාරය කළේය.

ප‍්‍රචණ්ඩකාරී අයුරින් බස්රා නුවර විරෝධතා පැවැත්වෙන්නේ නගරවැසියන්ට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකම නිසා සහ රාජ්‍ය බලධාරීන්ගේ අකටයුතුකම්  හේතුවෙනි.

අගමැතිවරයා බස්රා නුවරට ගියේ විශේෂ ආරක්ෂාවක් මැදය. නගර බලධාරීන් සහ පළාත් පාලන ප‍්‍රධානීන් හමුවීමට අගමැතිවරයා කටයුතු කළේය. එම අවස්ථාවේදී, පවතින ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමත් සිදුවිය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS