බලපෑම් කරන්න එපා



එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිය මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේදී පැවැත්වෙයි.

මෙවර ජගත් මහ සමුළුවේදී ලෝක නායකයන් අතරේ මූලිකව කතාබහට ලක් වූයේ ඉරාන න්‍යෂ්ටික එකඟතාව, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සුළුජාතිකයන්ගේ අර්බුදය සහ ජගත් සංවිධානයේ සහන සේවා නිලධාරීන්ගේත් සහන සේවා ආයතනවලත් අනාගතය සම්බන්ධයෙනි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් පොදු එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර ඇත. ට්‍රම්ප් පවසන්නේ, තමන් ඉරානය සමඟ නව එකඟතාවක් ඇති කර ගන්නා බවය.

ඇමෙරිකාව එම එකඟතාවෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සෙදු රටවල් සිය විරෝධය පළ කර තිබේ. තමන් සකස් කළ නව එකඟතාවට කැමැති වෙන්නැයි බල කරමින් ට්‍රම්ප් පරිපාලනය ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉරාන ජනාධිපතිවරයා ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළේය. ඒ, සම්බාධක දමා ඉරානය හිරකරමින්, නව එකඟතාවකට එන්නැයි බලපෑම් කිරීමෙන් වළකින ලෙසටය.
ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කරන අන්දමට, ඉරානය ත්‍රස්තවාදයට අනුග්‍රහය නොදක්වන බවත්, මැදපෙරදිග සෙසු රටවල අර්බුද ඇති කිරීමට උත්සාහ නොගන්නා බවත් ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ප්‍රතිඥාවක් දුන්නේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS