බන්ධනාගාර හතරකින් ත්‍රස්තවාදීන් දහඅටක් අත්අඩංගුවට ගනී



සෞදි පොලීසිය මක්කම, මදීනා, රියාද් සහ අල්-කසීම් නගරවල පිහිටි ත්‍රස්ත බන්ධනාගාර තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පසු  ත්‍රස්තවාදීන් දහඅටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මෙම වැටලීමෙන් පසු ත්‍රස්ත සංවිධාන වලට ඍජුව සම්බන්ධකම් ඇති සෞදි ජාතිකයින් පහලොස් දෙනෙක්ද, යේමන ජාතිකයින් දෙදෙනෙක්ද, එක් සුඩාන ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අයත් ටුව්ටර් ගිණුමේ සටහන් කොට ඇත. 

ටයේ බින්සලීම් අල්-සයිරි, කලීඩ් ගාසි අල්-සර්වානි සහ නඩි මෂ්රූක් අල්-මේද්යානි එනිසි යන ත්‍රස්තවාදීන්ට පලායෑම සදහා රැකවරණ ලබාදීම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට ඇති ප්‍රධාන චෝදනාවන් වේ.  

අන්තර්ජාලය හරහා අයි.එස් ත්‍රස්ත සංවිධානය සදහා නව සාමාජිකයින් බදවා ගැනීම, සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්ත සංවිධන ගැන ප්‍රචාරයන් කිරීම, ත්‍රස්ත සංවිධාන සදහා මුදල් එකතුකිරීම වැනි චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින් මෙම බන්ධනාගාර තුල රදවා ඇත. 

බන්ධනාගාර වැටලීමෙන් පසු සිරමැදිරි තුල සිටි පුද්ගලයින් ලග තිබී ස්වයංක්රීය ගිනි අවි, පිහියා, කිරිච්චි සහ සෞදි රියාල් මිලියන 2 කට වඩා වැඩිප්‍රමාණයක් සොයාගැනීමට සෞදි පොලීසිය සමත්වී ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS