පොලිස් නිලධාරියකුට ගහලා



කුවේටයේ මාර්ගයක රාජකාරි කටයුතුවල නිරත වී සිටි පොලිස් නිලධාරීයෙක්ට අමානුෂික ආකාරයන් පුද්ගලයෙක් පහර දී ඇති අතර පහර දුන් පුද්ගලයා අත් අඩංගුවට ගෙන අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට කුවේට් පොලීසිය කටයුතු කළේය.

බරපතල වැඩ සහිතව වසර තුනක සිරදඩුවමක් ලබාදෙන ලෙස අපරාධ අධිකරණයෙන් ලබාදුන් තීන්දුව කුවේට් අභියාචනාධිකරණයදතහවුරු කර ඇත.

තමගේ සේවාදායකයා දරුණු මානසික රෝගයකින් පොළෙන නිසා ලබාදුන් දඩුවම ලිහිල් කරන ලෙස පහර දුන් පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසවිනිසුරු පොලීසියට නියෝග කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අරාබ්ටයිම්ස්ඔන්ලයින්)


RECOMMEND POSTS