පොදු සමාවෙන් වාසි ගනියි



කුවේටයේ නීති විරෝධීව රැදී සිටින 130,000ක විදේශ ශ්‍රමිකයින්ට නීත්‍යානුකූලව රැදී සිටීමට හෝ කුවේටයෙන් පිටවී යෑමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ලබාදී ඇති පොදු සමාකාලයෙන් විශාල පිරිසක් ප්‍රයෝජන ගනිමින් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විදේශ ශ්‍රමිකයින් සිය ගණනින් නීත්‍යානුකූලභාවය ලබාගැනීමට අවශ්‍ය කරන ලියකියවිලි සමඟආණ්ඩුකාර කාර්යාල හයක පිහිටුවා ඇති ලියාපදිංචි කිරීමේ කාර්යාල අසල දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය දක්නට ලැබෙන බව වාර්තා වේ. 

ජනවාරි 29 දින සිට පෙබරවාරි 22 දක්වා පොදු සමාකාලය ක්‍රියාත්මක කරන බවත් විදේශ ශ්‍රමිකයින්ට පමණක් පොදු සමාකාලය යටතේ නීත්‍යානුකූලභාවය ලබාගත හැකි බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.  

මීට පෙර පූර්ණ පොදුසමාකාලයක් ලබාදී ඇත්තේ 2011 වර්ෂයේදි බවත් 2016 වර්ෂයේදී අර්ධ පොදුසමාකාලයක් ලබාදී දඩ මුදලක්ද අය කළ අතර නැවතත් 2018 වර්ෂයේදි කිසිදු දඩ මුදලක් ගෙවීමකින් තොරව පූර්ණ පොදුසමාකාලයක් ලබාදීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS