පෙති රැගෙන ගිය වෛද්‍යවරිය දැලේ



කුවේටයට ගබ්සා පෙති රැගෙන ගිය විදේශීය වෛද්‍යවරියක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රේගු නිලධාරීන් වෛද්‍යවරිය පරීක්ෂා කර ඇති අතර නීතිවිරෝධි ආකාරයෙන් කුවේටයට රැගෙන යෑමට උත්සහ කළ ගබ්සා පෙති වෛද්‍යවරියගේ අත්බෑගය තුල තිබී හමු වී ඇත.

එක් ගබ්සා පෙත්තක් කුවේට් ඩිනාර් 100 බැගින් විදේශීය කාන්තාවන්ට අලෙවි කරන බවට මුලික විමර්ෂණවලදි පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට වෛද්‍යවරිය භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS