පුරාවස්තු හොරකම් කරන්න හදලා



සෞදි අරාබියේ උම් අල්- ජූඩ් නගරයේ මහා පල්ලියට අයත් ගෘහ නිර්මාණ කෞතුකාගාරයෙන් පුරාවස්තු සොරකම් කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පුරාවස්තු සොරා ගැනීමට තුර්කි ජාතිකයෙක් සම්බන්ධ වී ඇති බවත්, විවේකාගාරය හරහා බඩගාගෙන කෞතුකාගාරයට ඇතුල් වී ඇති බව සෞදි පොලීසිය පැවසීය.

කෞතුකාගාරයට ඇතුලුවීමෙන් පසු ඝණ වීදුරු බිඳ දමා පුරාවස්තු කීපියක් සොරකම් කර පලායෑමට උත්සහ කර ඇති අතර ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

තුර්කි ජාතිකයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට කෞතුකාගාර ආරක්ෂක අංශය කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS