ප්‍රහාරයට වසර 30 යි



ඉරාක ඉරාන යුද්ධයේ අවසන් අදියරේදී, ඉරාකයේ හලබ්ජා නගරයට, ඉරාක ආඥාදායක සදාම් හුසේන්ගේ අණ පරිදි රසායනික අවි ප්‍රහාරය එල්ල වී වසර 30 ක් ගත වී ඇත.

එම ප්‍රහාරයෙන් සහ සදාම් හුසේන්ගේ අණ පරිදි ඔහුගේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 1988 වසරේ මාර්තු 16 වැනිදා හලබ්ජා මියගිය ගණන 5,000 කට අධිකය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිවිල් වැසියන් යැයි ද පැවැසෙයි. ප්‍රහාරවලින් ලක්ෂයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා විය.

කුර්දිවරුන්ගේ හලබ්ජා නගරය පිහිටා ඇත්තේ ඉරාන ඉරාක දේශසීමාවේ ඉරානයට යාබදවය.

එම මහා මිනිස් ඛේදවාචකයේ 30 වැනි සැමරුම නිමිත්තෙන් හලබ්ජා  නගරයේ කුර්දි වැසියෝ සාමකාමී රැලියක් සංවිධානය කර තිබුණු බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS