ප්‍රසිද්ධියේ මුත්‍ර කළොත් වැඩ වරදී



ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍ර කරන පුද්ගලයින්ට එරෙහිව එමිරේට්ස්  ඩිනාර් 500 (ඇ:ඩො136.24 )දඩ මුදලක් අය කරන බවත් දෙවන වතාවට අසුවුව හොත් එම දඩ මුදල දෙගුණ 1000 (ඇ:ඩො 272.47) වන බව ඩුබායි මහ නගරසභාව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය.

එමිරේට්ස් රාජ්‍යය තුල පිරිසිදු, සුවදායි මෙන්ම ශරීර සෞඛ්‍යට හිතකර පරිසරයක් නිර්මාණය කීරීම සඳහා යන ගමනේ එක් කොටසක් වශයෙන් දඩ මුදලක් අය කිරීමට ඩුබායි මහ නගරසභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධ ස්ථාන වල අදාළ පුවරු සවිකිරීමට ඩුබායි මහ නගර සභාව පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS