ප්‍රබල අපරාධ කල්ලියක නායකයා අල්ලයි



යුරෝපයේ සහ අප්‍රිකාවේ ක්‍රියාත්මක වන අපරාධ කල්ලියක නායකයෙක් ඩුබායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධකරුව අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි පොලිසිය නෙදර්ලන්ත පොලීසිය සහ ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්)සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත.

41 හැවිරිදි රිඩවුන් ටාගි,“මරණයේ දූතයන්’’ නැමති අපරාධ කල්ලියේ නායකයා වන අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීතිවිරෝධි ආකාරයෙන් එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයට ඇතුළු වී තිබේ.

යුරෝපයේ හා අප්‍රිකාවේ සිදු වු මිනීමැරුම් ගණනාවකට සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්සම්බන්ධයෙන්ටාගීට චෝදනා එල්ල වී ඇති බව ඩුබායි පොලිසියේ අණදෙන නිලධාරී, මේජර් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල්-මාරි පැවසීය.

ටාගී අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුටයුරෝ 100,000 ක (ඩිරාම් 410,000) ත්‍යාගයක් ලබාදෙන බවටනෙදර්ලන්ත පොලිසිය ප්‍රකාශයට පත් කර ඇති බව අණදෙන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි පොලීසිය)

RECOMMEND POSTS