ප්‍රංශ තරුණයකුට වසර 8 ක සිරදඩුවම්
ඉරාන අධිකරණයක් ප්‍රංශ තරුණයකුට අට වසරක සිර දඩුවම් නියම කර ඇත. ඒ, ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ බැවිනි.
බෙන්ජමින් බ්‍රියේ නමැති මෙම ප්‍රංශ තරුණයා ඉරාන අත්අඩංගුවට පත් වූයේ 2020 මැයි මසයේ බව ප්‍රංශයේ පැරිස් නුවර සිටින ඔහුගේ නීතීඥයා කියයි.
දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කැමරා සවි කළ කුඩා හෙලිකොප්ටර් යානයක් පියාසර කිරිමේ වරදට ඉරාන පොලිසිය බෙන්ජමින් බ්‍රියේ අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.
බෙන්ජමින් බ්‍රියේ මෙම හෙලිකොප්ටර් යානය පියාසර කර ඇත්තේ ටර්ක්මෙනිස්තාන ඉරාන දේශසීමාව අසල කාන්තාර ප්‍රදේශයේ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.
(රොයිටර්)