ප්‍රංශ ජනපති අබුඩාබියේ



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බිරිය බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නිල සංචාරයක් සඳහා ඊයේ (8) එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි බලා පැමිණියහ.

ප්‍රංශ ජනපති සහ බිරියගේ අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල සංචාරය දින දෙකකට සීමා වෙයි.

ප්‍රංශ ජනපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාම් කටයුතු කළේය.

මෙම සංචාරයේ දී ඉරානය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ප්‍රංශ ජනපතිවරයා කටයුතු කළේය.

ඉරානයේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සහ මැදපෙරදිග කලාපයට ඉරානයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් තමා සතුටු නොවන බව ද ජනාධිපති මැක්රොන් කියා සිටියේය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS