පස්වන මහලෙන් බිමට පනියි



කුවේටයේ මාබෝලා නගරයේ ජීවත් වු ඉන්දීය ජාතිකයෙක් නිවාස සංකීර්ණයක පස්වන මහලේ සිට බිමට පැන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් පුද්ගලයාව බේරාගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරූ අතර එකවරම බිමට පැන සියදිවි හානි කරගෙන ඇත.

අවට සිටි පුද්ගලයන් සියදිවි හානිකරගන්නා ආකාරය ජංගම දුරකථනවලින් වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇත.

සිවිල් ආරක්ෂක බලකාය සිද්ධිය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS