පලස්තීන සිරකරුවන්ට ඇස් ලෙඩ



ඊශ්‍රායල අඳුරු බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන සිරකරුවන් බොහෝ දෙනකු අක්ෂි රෝගවලින් පීඩාවිඳින බවත් ඔවුන්ට නිසි ප්‍රතිකර්මයක් නොලැබෙන බවත් පලස්තීන මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින රෆාත් හම්ඩොවුනා සංවිධානය පවසයි.

එම සංවිධානය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ කමිටුවලට පවා දැනුම් දී ඇත.

අද වනවිට ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන්ගේ ගණන 540 ක් බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනකු අක්ෂි රෝග සහ අක්ෂි ආබාධවලින් පෙළෙන බවත් හම්ඩොවුනා සංවිධානය කියයි.

සිරගත කළ සිරකරුවන් අතර කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවුණු පලස්තීනුවන් ද සිටින බව පැවැසෙයි.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS