පණිවිඩයකින් ලෝක වාර්තාවක්



ලොව විශාලතම දැණුවත් කිරීමේ පණිවිඩය නිර්මාණය කරමින් ඩුබායි මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරිය ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් වී ඇති බව වාර්තා වේ.

ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් පණිවිඩයනිර්මාණය කිරීම සඳහා එකිනෙකට සම්බන්ධ කළ හැකි ප්ලාස්ටික් කැබලි (Legos) 20,000ක්ද ඵලකය සඳහා කැබලි 140,000කට වැඩි සංඛ්‍යාවක් යොදාගත් බව ඩුබායි මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.  

ගිනස් ලෝකවාර්තාවට අදාල සහතිකය ඩුබායි මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, මයිතා බින් ඇඩා වෙත ගිනස් කමිටුවේ සාමාජිකයන් ඩුබායි උත්සව නගර භූමියේදි පිළිගන්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS