නොමිලේ ඉන්ටර්නෙට්



ඊද් උත්සවය වෙනුවෙන් ලබා දී ඇති නිවාඩු දිනයන්හි නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් තීරණය කර ඇතැයි පැවැසෙයි.

එම සමාගම් විසින් සිය සේවය නොමිලේ සපයන බවට මේ වනවිට නිවේදනය කර ඇත. ඒ අනුව අරාබි එමිර් රාජ්‍යයේ මහල් සංකීර්ණ, ආපනශාලා හා කැෆේ, උද්‍යාන වැනි සියලු ස්ථාන ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකමක් ලබා ගැනීමට එරට වැසියන්ට අවස්ථාව හිමිවෙනු ඇත.

එමෙන්ම රට පුරාම ප්‍රසිද්ධ ස්ථාන ආවරණය වන පරිදි නොමිලේ වයි-ෆයි පහසුකම ජංගම දුරකථන හරහා ලබා ගත හැකි අතර අධිවේගී අන්තර්ජාල පහසුකම්ත් සමඟ නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන්න සිය වැසියන්ට අවස්ථාව උදා කරදීම සතුටට කරුණක් බව එරට සන්නිවේදන පහසුකම් සපයන ආයතන ප්‍රකාශකර තිබේ.

එක් වරක් ලියාපදිංචි කිරීමෙන් පසුව එටිසලාට් විසින් සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා රහස් අංකය සහිත කෙටි පණිවුඩයක් යවනු ඇත.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS