නේටෝ සහයෝගිතා



කුවේට් රාජ්‍යය සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) අතර සහයෝගිතාවය වැඩිකරගැනීම සඳහා කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන ඇති බව වාර්තා වේ.

කුවේට් නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති, කලීඩ් අල්- ජාරල්ලා සහ නේටෝ සංවිධානයේදේශපාලන කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති අංශයේ සහකාර ලේකම්, ඇල්රේෂන්ඩෝ ඇල්වර්ගොන්සාලෙස් අතර ගිවිසුමක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නේටෝ ප්‍රධාන කාර්යාලයේදි අත්සන් කර ඇත.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසු නේටෝ සංවිධානය කුවේට් රාජ්‍යය සමඟ සහයෝගිතාවය ශත්තිමත් කිරීමට කටයුතු කරන බව සහකාර ලේකම්වරයා ප්‍රකාශ කළේය.

නේටෝ සංවිධානයේ කාර්යාලයක් කුවේට් රාජ්‍යයේ පිහිටා ඇති අතර එය හොඳම මධ්‍යස්ථානය ලෙස සැළකෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS