නෙදන්යාහුට බලය අහිමිවන ළකුණු



ඊශ්‍රායලයේ ප්‍රධාන අරාබි දේශපාලන පක්ෂ හිටපු හමුදාපති බෙනී ග්‍රාන්ට්ස් සහ ඔහුගේ නිල් සහ සුදු සන්ධානය සමඟ එක්වී, නව රජයක් පිහිටුවීමට ග්‍රාන්ට්ස්ට සහාය දක්වන බව පවසා ඇත.

ඊශ්‍රායල අරාබි පක්ෂ පසුගිය වසර 27 පුරාවට සහාය දැක්වූයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු නියෝජනය කරන දක්ෂිණාංශික ‘ලිකුද්’ පක්ෂටයට. මෙවර ඔවුන් නෙදන්යාහුගෙන් වෙන්වී, නෙදන්යාහුගේ ප්‍රතිවාදියා ග්‍රාන්ට්ස් සමඟ එක්වීහට තීරණය කිරීම ඊශ්‍රායල දේශපාලනයේ පෙරැළියක් බව එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඊශ්‍රායල මහ මැතිවරණ ඉකුත් සතියේ පැවැත්විණි. ආසන 120 කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. බහුතර බලය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුව ඇත. කෙසේ නමුත් අවසන් ප්‍රතිඵල අනුව නිල් සහ සුදු සන්ධානයට ආසන 33 ක් හිමිවිය. නෙදන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂයට දිනා ගැනීමට හැකිවී ඇත්තේ ආසන 32 කි.

මහ මැතිවරණයෙන් කිසිවකුටත් ජයග්‍රහණය හිමිකර ගැනීමට නොහැකි හෙයින්, ලිකුද් පක්ෂය නියෝජනය කරන අගමැති නෙදන්යාහු හවුල් රජයක් පිහිටුවීමට සිය ප්‍රධාන ප්‍රතිවාදියා බෙනී ග්‍රෑන්ට්ස්ට ඇරැයුම් කළේය. නෙදන්යාහු ගත් මෙම තීරණය ඊශ්‍රායල ජනාධිපති රෙවෙන් රිව්ලින්ගේ පැසැසුමට හේතුවක් විය.

කෙසේ නමුත් නෙදන්යාහුගේ ඇරැයුම විශ්‍රාමික හමුදා ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස්ට ප්‍රතික්ෂේප කළේය. ග්‍රෑන්ට්ස් සහ ඔහුගේ නිල් සහ සුදු සන්ධානය මධ්‍යස්ථ මතධාරී පක්ෂයකි. අගමැති නෙදන්යාහු ප්‍රතික්ෂේප කළත් ඔහුට මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇත.

විශ්‍රාමික හමුදා ජනරාල් ග්‍රෑන්ට්ස්ට මීට පෙර අවස්ථා ගණනාවකදී කියා සිටියේ තම පක්ෂය ලිකුද් පක්ෂය සමඟ හවුල් නොවන බවය. ඒ අනුව පිටපිට පස්වැනි වරටක් ඊශ්‍රායලයේ අගමැතිවරයා වීමට නෙදන්යාහු ගන්නා උත්සාහය බොඳ වී යනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS