නෙදන්යාහුගේ නීතීඥයන් නීතිපති හමුවෙලා



එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අභියාචනාවක්  ඉදිරිපත් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

නෙදන්යාහු වසර 12 ක් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි අතර ඔහුට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ නව රජයක් පිහිටුවීමට නොහැකි වූ බැවිනි. ඊට හේතුව වූයේ එල්ල වී ඇති වංචා දූෂණ චෝදනාය.

2019 වසරේ දී අල්ලස් ගැනීම, අග්‍රාමාත්‍ය බලතල අනිසි ලෙස භාවිතයට ගැනීම සහ වංචා දුෂණ සම්බන්ධයෙන් වෙන වෙනම චෝදනා එල්ල වුවත්, එම චෝදනාවලින් නෙදන්යාහු නිදහස ලැබුවේය.

කෙසේ නමුත් මේ වනවිට යළිත් වරක් එම චෝදනා සියල්ල එකට අග්‍රාමාත්‍යවරයාට එල්ල වී ඇත.

72 හැවිරිදි අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ නීතිඥ කණ්ඩායම සහ නීතිපතිවරයා අතර හමුවක් ආරම්භ වූ බවත් එහිදී ඔවුන් අග්‍රාමාත්‍යවරයාගේ අභියාචනාව ඉදිරිපත් කළ බවත් පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS