නිල ඇඳුමට ආරක්ෂිත කැමරාවක්



කුවේට් පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කුඩා ප්‍රමාණයේ ආරක්ෂිත කැමරා සවිකිරීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ආරක්ෂිත කැමරාහැකි ඉක්මණින් සවිකිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු  අමාත්‍ය, ලුතිනන් ජෙනරාල් ෂයික් කලීඩ් අල්-ජාරා අල්-ජාරා ප්‍රකාශ කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු නිරීක්ෂණය කිරීමටත් ගුණාත්මක සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් කැමරා සවිකරන බව වාර්තා වේ.

අධි-තාක්ෂණික කැමරාවක් වන අතර පැය අටක ආයු කාලයකින් යුත්බටරියක් සහ 32 GBmemory chip එකක් සවි කර ඇත.

සිම්පතකින් හෝ වයිෆයි තාක්ෂණය හරහා කැමරාව ප්‍රධාන පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන අතර ඡායාරූප සහ පණිවිඩ යැවීමේ හැකියාවදඇත.   

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS