නියමුවන්ට මධ්‍යසාර පරීක්ෂණ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සියළුම ගුවන්තොටුපොලවල් ඉලක්ක කරගනිමින් මධ්‍යසාර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ගුවන් කලාපය තුල ගුවන්යානා පියාසර කිරීමේදි සහ මධ්‍යසාර භාවිතයෙන් සිදුවන ගුවන් අනතුරු ඇතිවීමේ අවධානම අවම කිරීමේ අරමුණින් විදේශීය ගුවන්යානාවල ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල ඉලක්ක කරගනිමින් මධ්‍යසාර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බව එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, සයිෆ් මොහොමඩ් අල්- සුවයිඩි ප්‍රකාශ කළේ ය.

පරීක්ෂණයට ලක් කරන ගුවන්යානයේ ගුවන් නියමුවාගේහුස්මගැනීමේ මධ්‍යසාර ප්‍රමාණය මිලිග්‍රෑම්20 වඩා වැඩිවුවහොත් පියාසර කිරීමට අවසර ලබා නොදෙන බව එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරියේගුවන් සේවා ආරක්ෂණ කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජනරාල්, ඉස්මයිල් මොහොමඩ් අල්- බ්ලූෂි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS