නාදියාගේ පොත පිටවෙයි
අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්රස්තවාදීන්ගේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස අපා දුක් විඳි ඉරාක යසීදි ගෝත්රික යුවතිය නාදියා මුරාද්ගේ ලියූ ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට් නමැති කෘතිය පසුගිය දා එළිදැක්විණි.
24 හැවිරිදි නාදියා අද වනවිට යළිත් ඇගේ නිජබිම වන ඉරාකයට පැමිණ සිටින්නීය. ඇය ජීවත් වන්නේ ඇය උපන් යසීදි ගම්මානයේය.
නාදියා, 2014 වසරේ දී අයි.එස්. ග්රහණයට හසුවී, ලිංගික වහලියක් වී ගත කළ ඒ කටුක ජීවිතය ගැනත් ඇය ත්රස්තවාදීන්ගෙන් බේරී යුරෝපයට පලා ගිය අයුරු ගැනත් විස්තර ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට් නමැති කෘතියට අඩංගු වෙයි.
2014 වසරේදී නාදියාගේ යසීදි ගම්මානයට කඩා වැදුණු අන්තවාදී සුන්නි මුස්ලිම් අයි.එස්. ත්රස්තයෝ ඇය සහ තවත් යදීසි තරුණියන් 7,000 ක පිරිසක් පැහැර ගෙන ගියහ. නාදියා අන්ත අසරණ වෙද්දී කිසිවකුගෙන් ඇයට පිහිටක් නොලැබිණි.
යුරෝපයට පැමිණීමෙන් පසු අයි.එස්. ත්රස්තවාදීන් කාන්තාවන්ට එරෙහි සිදු කරන අපරාධ සම්බන්ධයෙන් මානව ක්රියාකාරිනියක ලෙස නාදියා හඬ නැගුවාය. ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ද විය.
අද වනවිට නාදියාගේ එම ගම්මානය පමණක් නොව ඉරාකයේ අයි.එස්. ග්රහණයේ පැවැති නගර ගම්මාන සහ පළාත් සියල්ල පාහේ මුදා ගැනීමට ඉරාක රජයේ හමුදාව සමත් වී ඇත.
(ඩේලිමේල් ඇසුරිනි)