නගර සභාවෙන් අනතුරු



ඩුබායි මහ නගරසභාව රූපලාවණ්‍ය සේවා සපයන ආයතනයන් තම සේවා සැපයීමේදි භාවිතා කරනු ලබන බ්ලැක්හෙනා වැනි ආලේපනයන් හේතුවෙන් අසාත්මිකතාවයන් සහ සම පිළිස්සීම් වැනි දේ ඇති වුවහොත් එමිරේට්ස් ඩිරාම් 2,000ක දඩ මුදලක් අය කරනු ලබන බව නිවේදනයක් මඟින්රූපලාවණ්‍ය ආයතනයන් දැණුවත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩුබායිමහනගර සභාව විසින් පනවා ඇති රෙගුලාසීන් උල්ලංඝනය කරනු ලබන රූපලාවණ්‍යායතනයන්ට එරෙහිව ඉහත සඳහන් කර ඇති දඩ මුදල අයකිරීමට ක්‍රියාකරන බවත් ආයතනයන් තාවකාලිකව වසාදැමීමට පියවර ගන්නා බව මහ නගරසභාවේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.

මහ නගරසභාවේ නිලධාරීන් රූපලාවණ්‍යාතනයන්ට පැමිණ පනවා ඇති රෙගුලාසීන්ට අනුව ක්‍රියාකරනවාද නැද්ද යන්න පරික්ෂා කරන බව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS