දේපොල හානි කරන්න බෑ



රජයේ අඩුපාඩු ඇතිනම්, ඒවා විවේචනය කිරීමටත්, ඒවාට එරෙහිව විරෝධතා පැවැත්වීමටත් ජනතාවට අයිතියක් ඇති නමුත්, දේපල හානි සිදුකරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරීමට විරෝධතාකරුවන්ට අයිතියක් නැතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානි කියයි.

ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇතුළු නගර රැසක මේ වනවිට විරෝධතා පැවැත්වෙයි. ඒ, දිනෙන් දින ඉහළ යන භාණ්ඩ සහ ඉන්ධන මිල හේතුවෙන් රජයට විරෝධය දැක්වීමන් ලෙසය. විරෝධතා පවත්වන්නේ ඉරාන රජයේ මර්දනයට නිරන්තරයෙන් ලක් වන එරට විපක්ෂ ක්‍රියාකාරීන්ය.

විරෝධතාකරුවෝ කලහකාරීව හැසිරෙමින් රජයේ ගොඩනැගිලිවලට පහර දී, වාහන ගිනිබත් කරති. එසේ කලහකාරීව හැසිරෙන පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තැබූ බවත් එයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS