දියේ ගිලි මියයයි



ඕමාන්හි විලයාට් බෞෂ්චර්හි පිහිටා ඇති පොකුණකට වැටීමෙන් විසිතුන් හැවිරිදි ආසියාතිකයෙකුදියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අල් අබුබී ප්‍රදේශයේ පිහිටි පොකුණකින් මියගිය පුද්ගලයෙකුගේසිරුරක්හමු වී ඇති බවටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.
ඕමාන් සිවිල් ආරක්ෂක බලකායට අයත් නිල වෙබ් අඩවියේ අදාල මරණය සම්බන්ධයෙන් විස්තර සඳහන් කර තිබු බව වාර්තා වේ.

මියයෑමට පෙර මෙම පුද්ගලයා තවත් ආසියාතිකයෙකු සමග පොකුණේපිහිනමින් සිටි බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS