දිගටම මිසයිල හදනවා



ඉරානයේ අරක්ෂාව වෙනුවෙන් මිසයිල් නිෂ්පාදනය දිගටම සිදු කරන බවත් ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කිරීමක් සිදු නොවන බව ඉරාන ජනාධිපති, හසන් රොහානි ඉරාන පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පාර්ලිමේන්තුවේදි ජනාධිපතිවරයා කළ කථාව ඉරාන රාජ්‍ය රූපවාහිනය ඔස්සේ විකාශනය කර ඇත.

“අපේ ආරක්ෂාවට මිසයිල හදලා තියනවා, හදමින් ඉන්නවා, ඉදිරියටත් හදාගෙන යනවා’’ යනුවෙන් ජනාධිපතිවරයා සිය කථාවේදි ප්‍රකාශ කළ බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS