දිගටම ත්‍රස්තවාදයට උඩගෙඩිදෙනවා



ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන සහ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලොව අංක එකේ රාජ්‍යය ඉරානය යැයි ඇමෙරිකාව යළිත් වරක් චෝදනා කර ඇත.

මෙසේ චෝදනා කර ඇත්තේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවය. ඒ, ගෝලීය ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්ෂික වාර්තාව එළිදක්වමිනි.

මැදපෙරදිග කලාපයේ පමණක් නොව සෙසු රටවල් ද අස්ථාවර කිරීමටත්, බලපෑම් කිරීමටත් ඉරානය කටයුතු කරනවා යැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

ඉරානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් උඩගෙඩිදෙන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය මීට පෙර අවස්ථා ගණනාවකදී චෝදනා නගා ඇත. ඒ, ඉරානයේ එදිරිවාදියකු වන ඊශ්‍රායලය ලබා දුන් බුද්ධි තොරතුරු අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS