දහවල් වැඩ කළොත් නඩු



සේවකයන් දහවල් කාලයේ සේවයේ යොදවා නොගන්නා ලෙස ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සෑම වර්ෂයකම ජුනි, ජුලි සහ අගෝස්තු යන මාසවලට පවතින අධික හිරු රශ්මිය සැලකිල්ලට ගනිමින් අදාල තහනම පැනවීමට කටයුතු කර ඇත.

ජුනි 01 දින සිට අදාල තහනම ක්‍රියාත්මක වන අතර ප.ව 12.30 සිට ප.ව 3.30 දක්වා අතර කාලයේ සේවකයන් සේවය නොකළ යුතු වේ.

පනවා ඇති නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සඳහන් කරමින්ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS