දයිර් අල් සල්වා නුවර මුදා ගැනේ



සිරියාවේ දයිර් අල් සල්වා නගරයෙන් සියයට 85 ක ප්‍රමාණයක් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වී ඇතැයි රුසියාව පවසයි.

නගරය දයේෂ් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාවට රුසියානු හමුදාවේ සහාය හිමිවිය.

මේ සතිය අවසන් වෙද්දී, මුළු නගරයම යළි සිරියානු රජයේ හමුදා අතට පත් කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද රුසියානු ආරක්ෂක කටයුතු අමත්‍යාංශය දන්වා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS