දඩ නැතිව පිට වෙන්න පුළුවන්



කුවේටයේ නේවාසික නීතිරීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධිව රැඳී සිටින විදේශ ශ්‍රමිකයන්ට කුවේටයෙන් පිටවීමට අවස්ථාව ලබාදී ඇත.

කිසිදු දඩමුදලක් ගෙවීමකින් තොරව කුවේටයෙන් පිටවීම සඳහා සහන කාලයක් නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනස් අල්-සාලේ ප්‍රකාශයට පත් කර ඇත.

2020 අප්‍රේල් 01 දින සිට අප්‍රේල් 31 දක්වා පොදු සහන කාලය ලබාදෙන අතර, ආපසු පැමිණීමට අවස්ථාව හිමි වන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අයත් ට්විටර් ගිණුමේ පළ කර ඇත.

කුවේටයෙන් පිටවීම සඳහා රජයේ බලධාරීන්ට දැණුම් දුන් දිනයේ සිට කුවේටයෙන් පිට වන දිනය දක්වාම සියලුම පහසුකම් සැපයීමට කුවේට් රජය කටයුතු කරන බවට ට්විටර් පිණිවිඩයේ සඳහන් කර ඇත.

නව කොරොන වෛරසය (COVID-19) පැතිරීම මැඩපැවැත්වීමේ ආරක්ෂිත පියවරයන්වල එක් පියවරයක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS