තෙල් නැවක් ගිනි අරන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ආසන්න මුහුදේ තෙල් නැවක් ගිනිගැනීමෙන් ඉන්දියානු නාවිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වීඇති බව වාර්තා වේ.

අනතුරෙන් නාවිකයන් දහදෙනෙක් අතුරුදහන් වී ඇති බවත්, අතුරුදහන් වූ නාවිකයන් සොයාගැනීම සඳහා කටයුතු කරන බව ඉඩම් හා සමුද්‍රීය ප්‍රවාහන කටයුතු පිළිබඳ ෆෙඩරල් අධිකාරිය පැවසීය.

එමිරේට්ස් වෙරළේ සිට සැතපුම් 21 ක් දුරින් යාත්‍රා කරමින් තිබියදි හදිසියේ ගිනිගෙන ඇති බවත්, පැනමාරාජ්‍යයේ ධජයක් සහිත තෙල් නැවකගින්න හටගෙන ඇති බවත්,ඉක්මනින් ගින්න පාලනය කිරීමට නාවිකයන් සමත් වී ඇති බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS