තෙල් ඇමති ඉල්ලා අස්වෙයි



කුවේට් තෙල් ඇමති, බකීත් අල්-රෂීඩි සිය ඇමතිකමින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

කුවේට් කැබිනට් මණ්ඩලයටඅමාත්‍යවරයා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව මන්ත්‍රී, කලීඩ් අබුල් ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්මහජන මුදල් අයථා ආකාරයෙන් නාස්තිය කර ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් බකීත් අල්-රෂීඩි ඇමතිකමින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

මුදල් ගණුදෙනු සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට යන බව අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS