තුර්කියේ බෝම්බයක් පිපිරේ



බටහිර තුර්කියේ ඉස්මීර් නුවර බුකා පළාතේ බෝම්බයක් පුපුරා යෑමෙන් අට දෙනෙක් තුවාල ලැබූහ.

බෝම්බය අටවා තිබු‍ණේ කසල බඳුනක යැයි පසුව අනාවරණය විය.

බෝම්බය පුපුරා ගියේ රජයේ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර ගනිමිනි. එම නිලධාරීන් පිරිස බස් රියකින් යද්දී බෝම්බය පුපුරා හැර ඇත.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ද වාර්තා වේ. දෙදනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාර ගෙන නැතැයි ද තුර්කි පුවත් සේවා පවසයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS