තුර්කිය ඉරානය පසු කරයි



ගෝලීය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.3 පසු කර ඇති බවත් වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 1,59,000 පසු කර ඇති බවත් ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කර තිබේ.

තුර්කියේ ආසාදිතයන් සංඛ්‍යාව 82,329 ක් ලෙස වාර්තා විය. ඒ, පළමු වරට ඉරානය පසු කරමිනි. මැදපෙරදිග කලාපයේ මේ වනතුරු වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වී තිබුණේ ඉරානයෙනි.

ඉරානයේ තෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර කීපයක් මේ වනවිට කොටස් වශයෙන් විවෘත කර ඇති බවත්, පැනැවූ තහංචි ලිහිල් කර ඇති බවත් වාර්තා වේ. වයිරස ව්‍යාප්තිය අඩු කුඩා ප්‍රමාණයේ කර්මාන්තශාලා, වෙළෙඳසැල් මේ වනවිට විවෘත කර ඇතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS