තුර්කි බාලිකා නේවාසිකාගාරයේ ගින්නට දැරියෝ 11 ක් බිලිවෙති



 
 (රොයිටර්)
තුර්කියේ අඩානා පළාතේ බාලිකා පාසකට අයත් නේවාසිකාගාරයක පෙරේදා (29) හටගත් ගින්නකින් නේවාසිකාගාරයේ සිටි අවුරුදු 11 වයසැති දැරියෝ 11 දෙනෙක් සහ බාළිකා නිවාසයේ පාලිකාවක් බිලිවූහ.
පිළිස්සුම් තුවාල ලැබූ තවත් දැරියන් 36 දෙනකු රෝහල් ගත කළ බව ද වාර්තා වේ. ගින්න හටගෙන පැතිර යද්දී නේවාසිකාගාරයේ සැවොම නින්දේ පසුවූහ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් යැයි සැක කෙරේ.

RECOMMEND POSTS