තුර්කි නාවිකයන් 10 දෙනාට නිදහස



බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදේදී, මුහුදු කොල්ලකරුවන් විසින් මීට මාසයකට පෙර අල්ලා ගත් තුර්කි නාවිකයන් දස දෙනා මුදා හැර ඇතැයි තුර්කි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම නාවිකයන් 10 දෙනා ගමන් කළ කන්ටේනර් ප්‍රවාහන නෞකාව මූදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වූයේ පසුගිය ජූලි 16 වැනිදා, නයිජිරියාවට ඔබ්බෙන් මුහුදේදීය. නෞකාව අයිවරි කෝස්ට් දක්වා යාත්‍රා කරමින් තිබුණු බව ද පැවැසෙයි.

මූදු කොල්ලකරුවන් නැවට ගොඩ වී, නැවේ සිටි තුර්කි නාවිකයන් 10 දෙනා පැහැර ගත්තේ තවත් නාවිකයන් අට දෙනකු නැවේ ඉතිරි කරමිනි.

පිරිස මුදා හැරුණේ ඔවුන් වෙනුවෙන් කොල්ලකරුවන් ඉල්ලූ මුදල ලබා දීමට තුර්කි රජය පියවර ගත් නිසා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ලැබී නැත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS