තුර්කි ජනාධිපති එර්දොවාන් රුසියාවේ



සිරියානු අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.

සිරියානු අර්බුදයට තුර්කිය සම්බන්ධ වී සිටින්නේ අයි.එස්. ත්‍රස්තවාදීන් සහ කුර්දි බෙදුම්වාදීන්ට එරෙහිවය. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිබ් පළාතය. තුර්කිය සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියාව සමඟ එක් වෙමිනි. තුර්කි ජනාධිපති එර්දොවාන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර ඉඞ්ලිබ් පළාත සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

පසුගිය දාසිරියාවේ ඉඞ්ලිබ් පළාතේ දී රුසියානු හමුදාවට අයත් රථ පෙළකට ගුවන් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් රථ පෙළ මුළුමනින්ම විනාශ විය.

සිරියානු අර්බුදය අවසන් කිරීමත් සිරියාවට සාමය උදාකර දීමටත් තුර්කිය, රුසියාව සහ ඉරානය එක් වී කටයුතු කරයි. මේ අතර තුර්කි ජනපති එර්දොවාන්, රුසියන් ජනපති පුටින් සහ ඉරාන ජනාධිපති හසන් රොව්හානී අතර සිරියානු සාම සමුළුව ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට ද නියමිතය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS