තුර්කි ජනපති ඊශ්‍රායල අගමැතිට දොස් කියයි



පලස්තීන වැසියන්ගේ විරෝධතාවට ඊශ්‍රායල හමුදාව වෙඩි තැබීමේ සිද්ධිය මුල්කොට ගනිමින් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්ඩෙගොන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා ඇත.

ඊශ්‍රායල අගමැතිවරයා අක්‍රමණශීලියකු බවටත් ත්‍රස්තවාදියකු බවටත් තුර්කි ජනාධිපති චෝදනා කරයි. ඉකුත් සිකුරාදා දිනයේ පලස්තීන විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීම්වලින් පලස්තීනුවෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පලස්තීන වැසියන් අමුඅමුවේ මරා දැමීමට අනුබල දෙන ඊශ්‍රායල අගමැති නෙදන්යාහු ත්‍රස්තවාදියකු බවත් ඔහුට එරෙහිව ජගත් ප්‍රජාව නැගී සිටිය යුතු බවත් තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS