තුර්කි ජනපති ඇමෙරිකාවට දෙහි කපයි



තුර්කියට ද තර්ජනයක් වී සිටින, සිරියාවේ ඇෆ්රින් පළාතේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් ඇමෙරිකාවට දොස් නැගුවේය.

සිරියානු රජය පෙරළා සිරියාවේ බලයට පත්වීමට ඇමෙරිකාව මෙම කුර්දි බෙදුම්වාදීන්ට නිල නොවන මට්ටමින් සහාය දක්වයි. තවමත් අවි ආයුධ ලබා දීම  ද සිදු කරයි.

කුර්දි ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දැක්වීමෙන් වළකින්නැයි තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකාවෙන් දිගින් දිගටම ඉල්ලීමක් කර ඇති නමුත් ඇමෙරිකාව එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, නේටෝ රාජ්‍යයන් වන තුර්කිය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS