ත්‍රස්ත ප්‍රහාරකින් පහක් මරුට



සිරියානු හමුදාවන් සමඟ සටන් වැදී සිටින අයි.එස් ත්‍රස්තවාදීන් සිරියාවේ ඩයර් එස්සෝ නගරයට ආසන්න ප්‍රදේශයන් වන හරබේස් සහ අල්-කුසෝර් වෙත එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී හය දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් දේපල හානි රැසක් සිදු වී ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාකරු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                              

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS